(ෆාස්ට් නිව්ස් – ) – 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 32 වැනි තරගය ලෙස එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර ඊයේ (25) ලන්ඩන්හි පැවති තරඟයෙන් ලකුණු 64 ක ජයග්‍රහණයක් ලබා ගැනිමට ඔස්ට්‍රේලියාව සමත් විය.
කාසියේ වාසිය දිනු එංගලන්ත අරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් පමණක් දැවි ලකුණු 285 ක් රැස් කළේය.
ඒ අනුව ලකුණු 286 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය එංගලන්තයට පන්දුවාර 44 යි පන්දු 04 කදී සියලු දෙනා දැවි ලබාගත් හැකිවුයේ ලකුණු 221 ක් පමණී.







