FAST NEWS

24×7 Around the Globe

කැබිනට් ඇමති ධුර 4කට සන්ධානය ඇතුලේ පොරකන අටදෙනා කවුද ?

ඇමති මණ්ඩලයට අනුමත කැබිනට්‌ මණ්ඩලයට තවත් ඇමතිවරු 05කු පත්කිරීමට ඉඩකඩ ඇත. ඉන් 04ක් හිමිවන්නේ එක්සත් ජනතා නිදහස්‌ සන්ධානයටය.

ඒම ඇමැති ධුර 4 සඳහා නම් අටක්‌ (8) ඉදිරිපත් වී තිබීම නිසා ඒවාට සුදුස්‌සන් පත් කිරීම අර්බුදයක්‌ වී ඇතැයි දේශපාලන ආරංචි පවසනවා.

මේ සඳහා ඒ. එච්. එම්. ෆවුසි, සරත් අමුණුගම, ෆයිසර් මුස්‌තාපා, විජිත් විජයමුණි සොයිසා, ඩිලාන් පෙරේරා, ආරුමුගම් තොණ්‌ඩමාන්, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන සහ ඩග්ලස්‌ දේවානන්දා යන මහත්වරුන් අට දෙනාගේ නම් ඉදිරිපත්ව ඇතැයි පැවසේ.

කෙසේ වෙතත් මේ අතරින් ඇතැමුන්ට එක්‌සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ පිරිස් වෙතින් විරෝධය පළවීම නිසා මෙතෙක්‌ අවසන් තීරණයක්‌ ගත නොහැකි වී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් පවසනවා.

සන්ධාන ලැයිස්‌තුවෙන් මුස්‌ලිම් ඇමැතිවරයකු ද පත් කිරීමට නියමිත අතර ඒ සඳහා ඒ. එච්. එම්. ෆවුසි සහ ෆයිසර් මුස්‌තාපා යන මහත්වරුන්ගේ නම් ඉදිරිපත් වී තිබේ. මොවුන් දෙදෙනාගෙන් පත් කළ හැකි වන්නේ එක්‌ අයකු පමණි.

ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස්‌ දේවානන්දා මහතාට ඇමැති ධුරයක් යෝජනා වී ඇති මුත් උතුරේ ප්‍රධාන දෙමළ පක්‍ෂයක්‌ එයට විරෝධය පළ කොට තිබෙනවා.

එමෙන්ම ආරුමුගම් තොණ්‌ඩමාන් මහතාට ඇමැති ධුරයක්‌ ලබා දීමට එරෙහිව ජාතික කම්කරු කොංග්‍රසය හා කඳුරට ජනතා පෙරමුණ විරෝධය පළ කොටඇතැයි වාර්තා වනවා.

කෙසේ වෙතත මෙම කැබිනට්‌ ඇමැති ධුර සඳහා පත් කෙරෙන ඇමැතිවරු හෙට (9 දා) දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි පවසනවා.