FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්තානයට එරෙහිව බංග්ලාදේශයට ලකුණු 62 ක ජයක්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 31 වැනි තරගය ලෙස බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්තානය අතර ඊයේ (24) සදම්ප්ටන්හි පැවති තරඟයෙන් ලකුණු 62 ක ජයග්‍රහණයක් ලබා ගැනිමට බංග්ලාදේශය සමත් විය.

කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්තාන  අරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් පමණක් දැවි ලකුණු 262 ක් රැස් කළේය.

ඒ අනුව ලකුණු 263 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්තානයට පන්දුවාර 47 කදී සියලු දෙනා දැවි ලබාගත් හැකිවුයේ ලකුණු 200 ක් පමණී.