(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ දිනවල ප්‍රංශය ප්‍රංශය ප්‍රධාන කොට යුරෝපය පුරා මේ සතියේ උණුසුම් වා දහරක් පැතිරී යන බව විදෙස් වාර්තා පැවසීය.
පැරීසියේ සෙල්සියස් අංශක 40 ක උෂ්ණත්වය, සෙල්සියස් අංශක 47 ක් වැනි ඉහළ අගයක් ගෙන ඇති බවත් වාර්තා වෙයි.
මීට අමතරව ජර්මනිය, ස්විට්සර්ලන්තය සහ බෙල්ජියම ඇතුළු යුරෝපා රටවල් රැසක ද ඉහළ උෂ්ණත්වයක් මේ සතියේ අපේක්ෂා කෙරේ.
ඇතිවී තිබෙන දැඩි උණුසුමට මුහුණදීම සඳහා ප්‍රංශ රජය උද්‍යාන සහ වායු සමීකරණය කළ පොදු ශාලා මෙන්ම තාවකාලික වතුර මල් සහ ජල විදිනයන් සකස් කර ඇත.
පසුගිය 2003 වසරේ අගෝස්තු මාසයේ ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල මේ ආකාරයේ උණුසුම් වා දහරක් පැතිර ගියේ පුද්ගලයන් 15,000ක් පමණ මරුමුවට පත් කරමින්.









