FAST NEWS

24×7 Around the Globe

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නව පුහුණුකරු ධුරය ජෙරම්ට.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධූරයට ජෙරම් ජයරත්න පත් කර තිබේ.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පවසන්නේ අතුරු පාලක කමිටුව ගත් තීරණයක් මත මෙම පත් කිරීම සිදුකළ බවයි.

ජෙරම් ජයරත්න සී.සී.සී. ක‍්‍රීඩා සමාජය නියෝජනය කළ අතර ඔහු 80 දශකයේ අග භාගයේ සහ 90 දශකයේ මුල් භාගයේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ඒ කණ්ඩායම වෙනුවෙන් ද ක‍්‍රීඩා කර තිබේ.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මාවන් අතපත්තු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟයි ප‍්‍රධාන පුහුණුකරු ධුරය සඳහා මෙම නව පත්වීම සිදුකර ඇත.