FAST NEWS

24×7 Around the Globe

මාලිංග ගැන හා ඉදිරි සැලසුම ගැන මහේල කියයි

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ‍්‍රී ලංකාවට අවශ්‍යම වෙලාවේ හැමදාමත් දක්ෂතා දක්වපු ක්‍රීඩකයෙක් බව, එංගලන්තය සමඟ පැවති තරඟය ජයග්‍රහණය කිරිම සම්බන්ධයෙන් අදහස් දක්වමීන් ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධන සඳහන් කර තිබේ.

“මාලිංග ශ‍්‍රී ලංකාවට අවශ්‍යම වෙලාවේ හැමදාමත් දක්ෂතා දක්වපු කෙනෙක්, ඔහු පසුගිය වසර දහය පුරාම ඒ දේ කරලා තියෙනවා,ඔහු දැනුත් උපරිම දක්ෂතාවල ඉන්න එක සතුටක්, ඔහු අලූත් පන්දුවෙන් මෙහෙයුමක හිටියේ, ලොකු ක‍්‍රීඩකයන් ලොකු තරගවලදී දක්ෂතා දක්වනවා”

“මේ ශ‍්‍රී ලංකාව ලැබූ විශිෂ්ට ජයක්’ ලෝක කුසලාන ඉදිරි ගමනටත් හොඳ දෙයක්’ දැන් අවසන් පූර්ව වටයට එන්න වැඩි අවස්ථාවක් නිර්මාණය වෙනවා’ මුල් ස්ථානවල ඉන්න කණ්ඩායම් හතර එකිනෙකා ක‍්‍රීඩා කරන විට ලකුණු අඩු වැඩි වේවි, නවසීලන්තයට ඉදිරියේදී ඔස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය සමගත් තරග කරන්න තියෙනවා’ මේ තත්ත්වය ශ‍්‍රී ලංකාවට” බංග්ලාදේශය සහ කොදෙව් කණ්ඩායමට ලොකු අවස්ථාවක් තරග ජය ගෙන ලකුණු පරතර අඩුකර ගැනීමට”