ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ නම ලබන අගෝස්තු 11දා ප්‍රකාශයට පත් කෙරෙන බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
පසුගිය සතියේ පැවති විශේෂ රැස්වීමකදී පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවත් පැවසේ.
පොහොට්ටුවේ වාර්ෂික පක්ෂ මහ සමුළුව අගෝස්තු 11දා හිටපු ජනාධිපති හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
එදිනට නියමිත කටයුතු අතර ප්‍රධාන වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ හා පොහොට්ටුවේ සියලු පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් යුතුව ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා රටට හඳුන්වා දීම බව වැඩි දුරටත් කියැවෙයි.









