FAST NEWS

24×7 Around the Globe

තවත් වසර කීපයකින් ඉන්දියාව චීනය අභිබවා යයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  තවත් වසර 08 කින් ඉන්දියාව, චීනය අභිබවා ලොව ජනාකීර්ණතම රට බවට පත්වන බවත් , මේ වසරේ සිට 2050 දක්වා කාලය තුළ චීනයේ ජනගහනය මිලියන 31.4 කින් පමණ අඩු වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ජගත් සංවිධාන වාර්තාවක් මගින් පෙන්වා දෙයි.

එමෙන්ම, වසර 2050 වන විට ලෝක ජන ගහනය වර්තමානයේ පවතින බිලියන 7.7ක සිට බිලියන 9.7 දක්වා ඉහළ යන බව එමගින් පෙන්වා දෙයි.

2019 වසරේ ලෝක ජනගහන ප්‍රවණතා යන මැයෙන් ජගත් සංවිධානය ප්‍රකාශයට පත් කළ වාර්තාවේ දැක්වෙන පරිදි ඉදිරියේදී ලෝක ජනගහනයෙන් අඩක් සමන්විත වනු ඇත්තේ ඉන්දියාව ප්‍රමුඛ රටවල් 09 කින් ය.

නයිජීරියාව, පාකිස්තානය, කොංගෝව, ඉතියෝපියාව, ටන්සානියාව, ඉන්දුනීසියාව, ඊජිප්තුව සහ ඇමරිකා එක්සත් ජනපදය එලෙස ජනගහනය සීග්‍රයෙන් ඉහළ යන අනෙක් රටවල් බවත් සඳහන් වේ.