FAST NEWS

24×7 Around the Globe

මාධ්‍ය හමුවට සහභාගි නොවිම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) –  2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය යටතේ ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයෙන් පසු පැවැති මාධ්‍ය හමුවට සහභාගි නොවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය (අයි.සී.සී.) විසින් දඬුවමක් නොපනවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

එවැනි සිදුවීමක් යළි ඇති නොවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමග එකඟ වූ බවත් එම නිවේදනයෙහි සඳහන් වෙයි.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පසුගියදා (15දා) පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 87 ක පරාජයක් ලැබීය.

එහෙත් එම තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් නියෝජිතයෙකු සහභාගි නොවීම ආන්දෝනාත්මක සිදුවීමක් විය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කළමණාකාරීත්වයටද අවවාද කළ කළ බවද ක්‍රිකට් ආයතනය සිය නිවේදනයෙන් වැඩි දුරටත් අවධාරණය කර සිටියි.