FAST NEWS

24×7 Around the Globe

ලෝක බැංකුවෙන් ලබාදෙන විශාලම ආයෝජනය ශ්‍රී ලංකාවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක බැංකුව විසින් නිදහස් සෞඛ්‍ය සේවාව ක‍්‍රියාත්මක වන රටකට ලබා දී ඇති විශාලතම ආයෝජනය ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වල ප‍්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක පිහිටුවීම සඳහා ශ‍්‍රී ලංකාවට ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙම පස් අවුරුදු ව්‍යාපෘතිය යටතේ මෙම වසරේ (2019) හා ලබන වසරේදී (2020) රජයේ රෝහල්වල ප‍්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක 210 ක් පිහිටුවීමට නියමිතය.

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ ඇතැම් ප‍්‍රාන්තවලට වඩා ඉදිරියෙන් සිටින බවත් මේ නිසාම දැනට මෙරට කිසිවකු එච්.අයි.වී /ඒඩ්ස් හා පිළිකා වැනි බෝ නොවන රෝගවලින් මිය නොයන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.