(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඉදිරි ජනධිපතිවරණයේ සිය අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශ සිදු නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඊයේ(17) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දැනුම් දී ඇති බව එජාප ආරංචි මාර්ග කියයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වු අතර එහිදි වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව දිර්ඝ වශයෙන් සාකච්ඡා වි තිබේ.









