(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඊජිප්තු හිටපු ජනපති මොහොමඩ් මොර්සි අධිකරණයක් තුලදී ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.
මුස්ලිම් සහෝදරත්වය නම් සංවිධානයේ සහය ලැබූ මොහොමඩ් මොර්සි පසුකාලීනව හමුදාව විසින් බලයෙන් පහකරනු ලැබීය.
අනතුරුව සිර දඬුවම්ද නියම වූ හිටපු ජනපති මොහොමඩ් මොර්සි නඩු විභාගයක් අතරතුර ක්ලාන්ත වීමකින් පසුව මියගිය බව එම වාර්තා වැඩිදුරටත් කියයි.









