FAST NEWS

24×7 Around the Globe

මහින්දට සම්බන්ධීකරණ සභාපති පුටුවක් ? : සභාපති පුටු හිමීවෙන අනුපාතය මෙන්න.

කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වශයෙන් හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා පත්කිරිමට යන බව දේශපාලන ආරංච් මාර්ග සඳහන් කර කරති.

කැබිනට් අමාත්‍ය ධුරයකට සමාන බලතල සහ පහසුකම් හිමි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ක්‍රමය හඳුන්වා දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයේ දී දුන් පොරොන්දු ඉෂ්ට කරමිනි.

මැතිවරණ දිස්ත්‍රික් 22 ක් ජයග්‍රහණය කළ අනුපාතය අනුව එක්සත් ජාතික පක්ෂයට සභාපති ධූර 11 ක් ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයට 08ක්ද, ද්‍රවිඩ සන්ධානයට 3ක්ද වශයෙන් හිමිවීමට නියමිත බවද වැඩි දුරටත් එම ආරංච් මාර්ග වැඩි දුරටත් සඳහන් කරති.