(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මෙරට ග්‍රාමීය සංවර්ධන බැංකු ව්‍යාපෘතිය ශක්තිමත් කිරීමේ අරමුණෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 50 ක ආධාර මුදලක් ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබාදී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ඊට අදාළ ගිවිසුමට මුදල් අමාත්‍යාංශ ලේකම් ආර් එච් එස් සමරතුංග මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරිය වන ශ්‍රී විදෝවතී මෙනවිය එක්ව අත්සන් තබා තිබේ.
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනයට ලබාදෙන ආධාර සදහා මෙම මුදල් යොදාගැනීමට නියමිත බවත් පැවසේ.







