FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියාව සමග අද (15) තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා අවසන් 11 මෙන්න

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – 2019 එක්දින ලෝක කුසලාන එක්දින තරගාවලයේ 20 වැනි තරගය අද (15) ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර තරගය ලන්ඩන්හි කෙනිංග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදි ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 03 ට පැවැත්විමට නියමීතය.

මෙම තරගයයට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සහාභාගි වන කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.

ඒ අනුව මාලිංග පසුගියදා සිය පවුලේ අවමංග්‍ය උත්සවයකට සහභාගි විම සඳහා ශ්‍රී ලංකාවට පැමීණ අතර ඔහු නැවත එංගලන්තය බලා පිටත්ව ඇති බව පැවසේ.

එසේම අද (15) තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා අවසන් ක්‍රීඩකයින් 11 දෙනා කණ්ඩායම් ආරංචි මාර්ග මගින් ප්‍රකාශ වී තිබේ.

ශ්‍රී ලංකා (ක්‍රීඩා කළ හැකි කණ්ඩායම) – 1 කුසල් පෙරේරා , 2 දිමුත් කරුණාරත්න (නායක), 3 ළහිරු තිරිමාන්න 4, ඇන්ජලෝ මැතිව්ස්, 5 කුසල් මෙන්ඩිස්, 6 ධනංජ ද සිල්වා , 7 තිසර පෙරේරා, 8 ඉසුරු උදාන , 9 ජීවන් මෙන්ඩිස්, 10 සුරංග ලක්මාල් , 11 ලසිත් මාලිංග