FAST NEWS

24×7 Around the Globe

අපනයන ගම්මාන 5000ක් ආරම්භ කිරීම ජුනි 17 වනදා සිට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතියේ අපනයන ගම්මාන 5000ක් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය මේ මස 17 වනදා පෙරවරු 9.30ට දිගාමඩුල්ල, දෙහිඅත්තණ්ඩියෙන් ආරම්භ කිරීමට ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ගොවීන් නිපදවනු ලබන ප්‍රාථමික අපනයන වෙළඳපොළට ගැලපෙන පරිදි අගය එකතු කිරීමේ ඒකාබද්ධ ක්‍රියාවලියක් තුළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අදියර දෙකක් යටතේ රට තුළ අපනයන නිෂ්පාදන ගම්මාන 5000 ක් පිහිටුවීමට නියමිතය.

අමාත්‍ය දයා ගමගේ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක මෙම අපනයන ගම්මාන 5000 ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතියද හිමිවිය.