චීන ජනපති හමුවේ මෝදි පාකිස්තානය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරයි

චීන ජනපති හමුවේ මෝදි පාකිස්තානය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කිර්ගිස්ථානයේ බිෂ්කෙක් නුවර පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට සමගාමීව චීන ජනාධිපති ෂී – ජින්පින් හමුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත්තේ පාකිස්තානය සමඟ සාකච්ඡා යළි ආරම්භ කිරීමට පෙර ඔවුන් ත්‍රස්තවාදයට එරෙහි තිරසාර පියවර ගත යුතු බවයි.

මෙම සමුළුව සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ද සහභාගී විය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පාකිස්තාන අගමැතිවරයා සමඟ ද්වි පාර්ශවික සාකච්ඡා නොපවත්වන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

සමුළුවට සහභාගිවීම සඳහා පාකිස්තාන ගුවන් තලය හරහා ගමන් කිරීමට ඉන්දියාව අවසර ඉල්ලා තිබූ අතර, ඒ සඳහා පාකිස්තානය අනුමැතිය ලබාදී තිබුණත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කිර්ගිස්ථානය වෙත පැමිණියේ පාකිස්තානය මඟහැර දීර්ඝ ගුවන් මඟකින්.

CATEGORIES