ඔස්ට්‍රේලියා තරගයේ තීරණනාත්මක බව ගැන මැතිව්ස් කියයි

ඔස්ට්‍රේලියා තරගයේ තීරණනාත්මක බව ගැන මැතිව්ස් කියයි

 

(ෆාස්ට් නිව්ස්  -කොළඹ) –  2019 ලෝක කුසලාන එක්දින තරගාවලිය යටතේ 15 වැනිදා ඔස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන තරගය ක‍්‍රීඩා කිරීම සඳහා තම කණ්ඩායම ඉතාමත් හොඳ සූදානමකින් සිටින බවත් ඉදිරි තරග පහේදී ලැබෙන අභියෝගය භාර ගැනීමට සූදානමින් සිටින බවත් ඇන්ජලෝ මැතිව්ස් පවසයි ඊයේ (13) පැවති පුහුණුවීම් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමීන් ප්‍රකාශ කර තිබේ.

‘‘මේ ක‍්‍රීඩාංගණයේ අපිට ගොඩක් මතක සටහන් තියෙනවා. විශේෂයෙන් 2017 වසරේදී මේ ක‍්‍රීඩාංගණයේදී ඉන්දියාව පරාජය කළා. ඒක හොඳ අවස්ථාවක්. නමුත් හෙට තරගය සම්පූර්ණ වෙනස් තරගයක්. මේක ලොකු අභියෝගයක්. ඒකට අපිට සූදානමින් ඉන්නවා.

‘‘දැන් මේ තරගාවලියේ අවසාන අදියරට පැමිණෙමින් තියෙන්නෙ. තරග පහම හොඳ කණ්ඩායම් සමග තියෙන්නෙ. ඒ සියලූම තරග ඉතාමත් වැදගත්. ඒ නිසා හොඳින් ක‍්‍රීඩා කරමින් ජය ගත යුතුයි. එහෙම වුණොත් අවස්ථාවක් තියෙනවා අවසන් පූර්ව තරගයට යන්න. අපි තරගයෙන් තරගයට යන්න තමයි සූදානම්. ඔස්ටේ‍්‍රලියාව පරාජය කළොත් ඉදිරියට යන්න හොඳ අවස්ථාවක්. වර්ෂාවට තරග දෙකක් සේදී ගිය එක ගැන අපි කනගාටු වෙනවා. නමුත් ඒ දේවල්වලට කරන්න දෙයක් නැහැ. අපි අපේ උපරිමය ඔස්ටේ‍්‍රලියාව සමග තරගයට යොදවනවා.’