FAST NEWS

24×7 Around the Globe

ඕමාන් තෙල් ටැංකි ප්‍රවාහනය කළ නැවකට ප්‍රහාරයක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඕමාන් ගල්ෆ් කලාපයේ දී තෙල් ටැංකි ප්‍රවාහනය කරමින් තිබූ නැවක් වෙතට ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ඊයේ (13) දිනයේ ඕමාන් ගල්ෆ් කලාපයේ දී මෙම තෙල් ටැංකි දෙක වෙත එල්ල වුණු ප්‍රහාරයන් පිටුපස සිටින්නේ එක්සත් ජනපදය බව පැවසුවත් එය තරයේ ප්‍රතික්ෂේප කරන බව ඉරානය පවසයි.

මෙම ප්‍රහාරය සම්බන්ධව එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් Mike Pompeo විසින් ඉරානයට දොස් පවරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඕමාන් ගල්ෆ් කලාප මුහුදේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ නෞකා දෙකක් තුළ සිදුවූ පිපිරීම්වලින් අනතුරුව එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් මුදා ගැනීමට කටයුතු කර ඇති අතර අදාළ නෞකා හිමිකාර සමාගම පවසන්නේ, කොකුකා කරෙජස් නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 21 දෙනෙකු සහ ෆ්‍රන්ට් ඇල්ටෙයාර් නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 23 දෙනෙකු ආරක්ෂිතව මුදාගෙන ඇති බවයි.