ඉන්දියාව දෙවන වරටත් සඳ මත චන්ද්‍ර යානයක් පතිත කිරීමට සැරසෙයි

ඉන්දියාව දෙවන වරටත් සඳ මත චන්ද්‍ර යානයක් පතිත කිරීමට සැරසෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සඳ මතුපිට චන්ද්‍ර යානයක් මෘදු ලෙස පතිත කිරීම අරමුණු කරගත් චන්ද්‍රයාන් දෙක අභ්‍යවකාශ මෙහෙයුම ලබන මස සිදුකිරීමට ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය තීරණය කර තිබෙන අතර , ලබන සැප්තැම්බර් මාසය වන විට එම යානය සඳ මත ගොඩබස්සවනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි.

මීට පෙර මෙම මෙහෙයුම සිදුකිරීමට නියමිතව තිබුණත් තාක්ෂණික ගැටළු හේතුවෙන් එය කල් දැමීමට සිදුව තිබේ.

එය මෙවර සාර්ථක ලෙස සිදුවුවහොත් සඳ මත චන්ද්‍ර යානයක් මෘදු ලෙස ගොඩබැස්සවූ සිව්වැනි රට වීමේ අවස්ථාව ඉන්දියාවට හිමිවෙයි.

1966 පෙබරවාරි 03 වනදා සෝවියට් සංගමය මුලින්ම සඳ මත මෘදු යානා පතිත කිරීමක් සිදුකළ අතර, ඇමරිකා එක්සත් ජනපදය 1966 ජූනි 02 වනදා එම ඉලක්කය ජයගත්තේය.

2013 වසරේ දෙසැම්බර් 14 වනදා එම ජයග්‍රහණය අත් කරගැනීමට සමත්වූයේ චීනයයි.

CATEGORIES