හොංකොං රාජ්‍යයේ ජනතා විරෝධතා දැඩි වෙයි

හොංකොං රාජ්‍යයේ ජනතා විරෝධතා දැඩි වෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පුද්ගලයන් චීන මව් දේශයට පිටුවහල් කිරීමට එරෙහිව හොංකොං දිවයිනේ ආරම්භ කෙරුණු විරෝධතා රැල්ල මේ වන විට ඉතා විශාල ජන රැල්ලක් බවට පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නව නීතිය තුළින් දේශපාලන ප්‍රතිවාදීන් චීනයට පිටුවහල් කිරීමේ අවදානමක් පවතින බව පවසමින් හෙංකොං ජනයා විරෝධයේ නිරත වෙයි.

කෙසේ වෙතත්, අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පුද්ගලයින් චීන මව් දේශයට පිටුවහල් කිරීම සඳහා ගෙන එනු ලැබූ යෝජනාව අද එරට පාර්ලිමේන්තුව තුළ විවාද කිරීමට නියමිතයි.

මෙම යෝජනාව බොහෝදුරට සම්මත වනු ඇති බවත් එරටින් ලැබෙන වාර්තා සදහන් කරයි.

CATEGORIES