FAST NEWS

24×7 Around the Globe

වත්කම් හෙළි කිරීමට ඉම්රාන් ඛාන් එරට වැසියන්ට කාලය ලබාදෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විසින් සඟවාගෙන සිටින වත්කම් හෙළිදරව් කිරීම සඳහා පාකිස්තානු වැසියන්ට මේ මස 30 වනදා දක්වා කාලය ලබාදී තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

බෙනාමි ගිණුම් ලෙස පාකිස්තානයේ ක්‍රියාත්මක වන වත්කම් හෙළිදරව් කර ගැනීමට එහි අපේක්ෂාවයි.

බෙනාමි යනු කිසිවෙකුගේ වත්කම් අයිතියේ වෙනසකින් තොරව තුන් වන පාර්ශවයක් සන්තකයේ රදවා ගැනීමයි. රට මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති අවස්ථාවක ආර්ථිකය ගොඩගැනීම සඳහා සියල්ලන් එක් කර ගැනීමට මෙම පියවර ගන්නනා බව අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර තිබේ.