FAST NEWS

24×7 Around the Globe

ලසිත් මාලිංග යළි දිවයින පැමීණෙයි !

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) –  2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (11) දිනයේදි බංග්ලාදේහ කණ්ඩායම සමග පැවැත්වෙන තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග  දිවයිනට පැමීණිමට නියමීත බව කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.

සිය පවුලේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීම සඳහා හෙතෙම මෙසේ පැමීණෙන බව පැවසේ.

කෙසේ වෙතත් නැවතත් කණ්ඩායමට එක් විමට සඳහා 14 වැනිදා යළි එංගලන්තය බලා යෑමට මාලිංග කටයුතු කරනු ඇති බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර තරගය ලබන 15 වැනිදා පැවැත්විමට නියමීතය.