FAST NEWS

24×7 Around the Globe

තමාගේ අපේක්ෂාව සහ සනත් නිසා කළ වෙනස ගැන කුසල් හෙළි කරයි (වීඩියෝ)

 

(ෆාස්ට් ගොසිප් | කොළඹ) – තමා ආරම්භක පිතිකරුවෙක් වුවද තරගයේ 40 වැනි පන්දුවාරය වන තෙක් පිතිකරණයේ නියැලිම සිය අදහස බව ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු කුසල් ජනිත් පෙරේරා බංග්ලාදේහයට පෙරාතුව අයි.සී.සී එක්දින ලෝක කුසලාන මාධ්‍ය ඒකකය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමී සඳහන් කර තිබේ.

තමන් කැමති සනත් ජයසුරියගේ පිතිකරණයට බවත්, කුඩා අවධියේ තමන් දකුණත් පිතිකරුවෙක් වු බවත් පසුව සනත්ට ඇති කැමත්ත හේතුවෙන් වමත් පිතිකරුවෙක් වු බවත් හෙතෙම මෙහිදි පවසා ඇත.

එසේම ඔහුගේ පහරවල්වලට තමා තදින් ඇලුම් කරන බවත් පවසා ඇත.

එසේම තමා විකට් රකින්නෙකු ලෙස කටයුතු කරමීන් පිතිකරණයේ නියැලිමට කැමැත්තක් දක්වන බවත් වැඩි දුරටත් පවසා තිබේ.

වීඩියෝව නැරඹීම මෙතැනින් >>