(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට මහා භාණ්ඩාගාරය යටතේ පවතින රජයේ ව්‍යවස්ථාපිත ආයතන 10 ක් ස්වාධීනව ක්‍රියාත්මක වීම සඳහා වන සාමූහික අභිලාශ ගිවිසුමකට අත්සන් කිරිමට ඊයේ (11) කොළඹ කොටුව පිහිටි මුදල් අමාත්‍යාංශ රන්දොර ශ්‍රවණාගාරයේදී කටයුතු කර තිබේ.
ඒ අනුව රාජ්‍ය ඖෂධ සංස්ථාව, පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මිල්කෝ සමාගම, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය රාජ්‍ය දැව සංස්ථාව,පතල් හා කැණීම් කාර්යාංශය, ලංකා සතොස ආයතනය රාජ්‍ය වැවිලි සමාගම සහ කුරුණෑගල වැවිලි සමාගම යන ආයතන තවත් වසර තුනකදී මහාභාණ්ඩාගාරයේ මහජන බදු මුදලින් යැපීම නතර කර ගැනීම මෙහි අපේක්ෂාව වි තිබේ.ෙ
එම ආයතනවල කාර්ය සාධනය කාර්යක්ෂමතාවය හා ගුණාත්මකභාවය වැඩිකර ගැනීම සඳහා එම රාජ්‍ය ව්‍යවසායන්හි ප්‍රධානීන් එම ව්‍යවසායන් අයත් අමාත්‍යාංශයේ ලේකම්වරු හා මහා භාණ්ඩාගාර වෙනුවෙන් නියෝජිතයෙක් ආදී වශයෙන් එම ගිවිසුම්වලට අත්සන් තබා ඇත.







