(ෆාස්ට් ගොසිප් | කොළඹ) – හදිසියේම පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමක් සිදුවීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
මෙයට නිශ්චිත හේතුවක් දැනගන්නට නැතත් පාස්කු ප්‍රහාරය ගැන සාක්ෂි විභාග කෙරෙන තේරීම් කාරක සභාව මගින් සංවේදී ආරක්ෂක තොරතුරු ප්‍රචාරය වීම ගැන ජනාධිපතිවරයා සිය දැඩි නොසතුට පළකර තිබිම මීට බලපා ඇති බව කියැවේ.
එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රධාන පෙළේ ආරක්ෂක ආයතන ගණනාවක ප්‍රධානීන් මෙම තේරීම් කාරක සභාව හමුවට කැඳවා සාක්ෂි විමසීමට නියමිතව තිබුණත් අවසන් මොහොතේ එම තීරණය අවලංගු කර ඇති බව කියැවේ.
යම් හෙයකින් පාර්ලිමේන්තුව වාර අවසාන කළහොත් එවිට නැවත ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කොට සභාව කැඳවන තෙක් පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවීම සිදු වනු ඇත.









