FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශය සමග අද (11) තරගයට එන ශ්‍රී ලංකා 11 මෙන්න

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) –  2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ 16 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගය අද (11) බ්‍රිස්ටල්හිදි ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 03 ට ආරම්භ විමට නියමීතය.

මෙම තරගයේදි අබාධයකට ලක්ව සිටින නුවන් ප්‍රදීප් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් කණ්ඩායමට එක් වනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.

එසේම දණහිසේ අබාධ තත්වයක් ඉස්මතුව පැවති හෙයින් ළහිරු තිරිමාන්න අද (11) තරගයට ක්‍රීඩා කිරිමද අවිනිශ්චිත තත්වයක පවතින බව කියැවේ.

එසේ වුවහොත් ඒ වෙනුවට මීලින්ද සිරිවර්ධන කණ්ඩායමට එක් කර ගැනිමේ සුදානමක් පවතින බවද කියැවේ.

ඒ අනුව අද (11) තරගයට ක්‍රීඩා කරනු ඇති අවසන් 11 දෙනා කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.

ශ්‍රී ලංකා කණ්ඩායම (ක්‍රීඩා කළ හැකි)

1.දිමුත් කරුණාරත්න 2. කුසල් පෙරේරා 3. කුසල් මෙන්ඩිස් සිල්වා 4. ඇන්ජලෝ මැතිව්ස් 5. ධනංජය ද සිල්වා 6 මීලින්ද සිරිවර්ධන 7.තිසර පෙරේරා 8.ජීවන් මෙන්ඩිස් 9. ඉසුරු උදාන 10. සුරංග ලක්මාල් 11.ලසිත් මාලිංග