(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං (37) අද (10) සියළුම අකාරයේ තරග කාණ්ඩයන්ගෙන් සිය සමුගැනිම නිවේදනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
2000 වසරේදි කෙන්යාවට එරෙහිව එක්දින වරම් දිනාගන්නා ඔහු එක්දින තරග 304 ක් ඉන්දීයාව වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ.
එසේම ටෙස්ට් තරග 40 ක් හා විස්සයි – 20 තරග 58 ක් ඉන්දීයා වෙත ක්‍රීඩා කර තිබේ.
යුවරාජ් සිංහ 2007 විස්සයි – 20 ලෝක කුසලානය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ හා 2011 එක්දින ලෝක කුසලානය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ සමාජීකයෙක් විය.







