FAST NEWS

24×7 Around the Globe

පළමු පාවෙන කුටි සහිත කබානා හෝටලය දෙසැම්බරයේ විවෘත වෙයි…

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැටි කර්මාන්තය සඳහා මැටි ලබාගත් බිමක් නැවත පුනරුත්ථාපනය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ පූර්වාදර්ෂයක් මින් සපයා තිබේ.

මීගමුව, කොච්චිකඩේ, මඩම්පැල්ල ප්‍රදේශයේ බෝලගල ගම්මානයේ ඉදිවන මෙය ඇග්‍රො ටුවරිසම් තාක්‍ෂණයෙන් යුත් සුපිරි හෝටලයක් වේ.

අධි සුඛෝපභෝගි කාමර 50 කින් යුත් මෙහි කාමර 10 ක් ඉහළ පහසුකම් සහිතව සැකසේ. එම කාමර ඉදිකර ඇත්තේ, වැඩි ප්‍රදේශයක ජලය මත පාවෙන ලෙසයි.

ගමනා ගමනයට විදුලි මෝටර් රථ යොදා ගැනේ. සැහැල්ලු ගුවන් යානා ගොඩබැස්සවීම සඳහා ස්ථානයක් ඉඳි කෙරෙන අතර, විදේශිකයින් වැඩි සංඛ්‍යාවක් ගෙන්වා ගැනීම එහි අරමුණයි. පරිසර හිතකාමීව සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය මගින් විශාල විදේශ විනිමයක් මෙරටට හිමිවනු ඇත.

භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ අධීක්‍ෂණය යටතේ පරිසරයට හානියක් සිදු නොවන පරිදි මෙය ඉදි කෙරේ.