(ෆාස්ට් ගොසිප් – කොළඹ) – ලෝක කුසලානයෙන් පසුව බංග්ලාදේශ කණ්ඩායම ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගෙන තුන්කොන් තරගාවලියක් පැවැත්විම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බව පැවසේ.
පසුගියදා ආසියානු ක‍්‍රිකට් ප‍්‍රධානීන්ගේ හමුවේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයා සහ බංග්ලාදේශ ක‍්‍රිකට් ප‍්‍රධානීන් අතරද සාකච්ඡාවක් සිදුවී ඇති අතර එහිදී මෙ සම්බන්ධයෙන් කතිකා කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මාධ්‍ය වෙත පැවසීය.
‘‘බංග්ලාදේශ කණ්ඩායම ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අපි සාකච්ඡා කළා. ඔවුන් කිව්වේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් එරට කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවට එවලා වාර්තාවක් ලබාගෙන තරගාවලියට සහභාගිවීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි. මොකද අපි බලාපොරොත්තු වෙනවා බංග්ලාදේශ පිල ශ‍්‍රී ලංකාවට එන කාලයේදී පාකිස්තාන කණ්ඩායමත් ගෙන්වා ගනිමින් තුන්කොන් එක්දින තරගාවලියක් පවත්වන්න. කාලයකින් ශ‍්‍රී ලංකාවේදී තුන්කොන් තරගාවලියක් පැවැත්වූයේ නැති නිසා ඒ සම්බන්ධයෙනුත් අපි සාකච්ඡා කරමින් ඉන්නවා.’’









