FAST NEWS

24×7 Around the Globe

19 වන ශත වර්ෂයට අයත් නෞකාවක් ජර්මනියේදී අනතුරට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජර්මනියේ හැම්බර්ග් නගරයේ ඇල්බ් ගංඟාව ආසන්නයේදී බහලුම් ප්‍රවාහන නෞකාවක ගැටී 19 වන ශතවර්ෂයට අයත් නෞකාවක් අනතුරට ලක්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ එම නෞකාව තුළ පුද්ගලයන් 43 දෙනෙකු සිට ඇති අතර, ඔවුන් ආරක්ෂිතව ඉවත් කරගැනීමට කටයුතු කර තිබේ.

අනතුරට පත්වූ නෞකාව සම්පූර්ණයෙන්ම දැවයෙන් නිර්මාණය කර ඇති අතර , එය 1883 වසරේ දී පමණ නිර්මාණය කරන ලද්දක් බවටත් වාර්තා වේ.

අදාළ නෞකාවේ දිග මීටර 37 ක් පමණ වේ.