(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජගත් සාගර දිනය අදට යෙදී ඇත.
සෑම විනාඩියකට වරක්ම මිනිසා සාගරයට කැළි කසල එකතු කරන බව හදුනාගෙන තිබේ.
වසර 2020 වනවිට සාගරයේ සිටින මත්ස්‍ය බරට වඩා සාගරයේ ප්ලාස්ටික් බර ප්‍රමාණය වැඩිවනු ඇතැයි සාගර විද්‍යාඥයෝ සැක පළ කරයි.
මේ වනවිට ප්ලාස්ටික් මගින් සෑදුණු ඉතා විශාල දූපත් ප්‍රදේශ පහක් සාගරයේ ඇති බව එම විද්‍යාඥයෝ කියති.
මෙම තත්ත්වය මත්ස්‍යයින්ට මෙන්ම පක්ෂින්ට ද බරපතල තර්ජන එල්ලකර හමාරයි.
ශ්‍රී ලංකාවේ සාගර කලාපය තුළ සමුද්‍රිය දූෂණය වැලැක්වීම සහ පාලනය කිරීමේ ප්‍රමුඛ වගකීම ඇත්තේ සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය සතුවයි.









