FAST NEWS

24×7 Around the Globe

අභ්‍යවකාශ චාරිකාවකට සංචාරකයන්ටත් අවස්ථාව – නාසා කියයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අන්තර් ජාතික ගගන මධ්‍යස්ථානයේ මාසයක නවාතැන් චාරිකාවක් සඳහා පෞද්ගලික පුරවැසියන්ට ද අවස්ථාවක් ලබාදෙන බව ඇමරිකානු නාසා ආයතනය ඊයේ (07) ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය අන්තර් ජාතික ගගන මධ්‍යස්ථානය සංචාරකයන් සහ පෞද්ගලික අභිලාශයන් සඳහා යොදා නොගැනීමේ දිගුකාලීන ප්‍රතිපත්තිය වෙනස් කිරීමක් ලෙස සැලකෙයි.

ඒ අනුව බෝයිං සහ එලොන් මස්ක් ගේ ස්පේස් – එක්ස් එක්ව සංවර්ධනය කරනු ලබන අභ්‍යාවකාශ යානයකින් අන්තර් ජාතික ගගන මධ්‍යස්ථානය වෙත සංචාරකයන් රැගෙන යාමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික සංචාරකයන් සඳහා අභ්‍යාවකාශ චාරිකා 2020 සිටම ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

එහිදී එම සංචාරකයෙකුගෙන් එක් රැයකට ඇමරිකානු ඩොලර් 35,000ක් අය කෙරෙන අතර මාසයක් සඳහා මුළු චාරිකාවේ වියදම ඩොලර් මිලියන 50 ඉක්ම වනු ඇත.