FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ පක්ෂ නායකත්වයෙන් නිල වශයෙන් ඉවත් වෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ අද (07) සිය කන්සර්වටිව් පක්ෂ නායකත්වයෙන් නිල වශයෙන් ඉල්ලා අස්විය.

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ බ්‍රික්සිට් ක්‍රියාවලිය සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත නොහැකි වීම ඇය ඉල්ලා අස්වීමට ප්‍රධාන හේතුවයි.

ඇය අද දිනයේදී ඉවත්වන බව පසුගියදා සදහන් කළාය.

නව පක්ෂ නායකත්වය සඳහා කන්සර්වටිව් මන්ත්‍රීවරුන් 11 දෙනෙකු ඉදිරිපත් වී සිටින අතර ඔවුන් අතුරින් ජයග්‍රාහකයා මීළඟ  බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමට නියමිතයි.