FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ මාසික පරිභෝජනයට බිත්තර මිලියන 200ක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ මාසික පරිභෝජනය සඳහා බිත්තර මිලියන 200 ක් අවශ්‍ය වන ‍බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ 2019 දත්ත වාර්තා අනුව එම අමාත්‍යාංශය මෙම තොරතුරු දැනුම්දී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට බිත්තර ආනයනය නොකරන බවත්, මාලදිවයිනට පමණක් බිත්තර අපනයනය කරන අතර, මාසිකව බිත්තර 467,000 ක් එලෙස අපනයනය කරන බවත් එම අමාත්‍යාංශය සදහන් කරයි.

2019 මාර්තු මාසයේදී සුදු බිත්තරයක තොග මිල රුපියල් 14.50 ක් ලෙසත්, රතු බිත්තරයක තොග මිල රුපියල් 15.50ක් ලෙසත් සටහන් වන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.