ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාතික පුහුණුකරු වශයෙන් කටයුතු කළ මාවන් අතපත්තු මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ එම තරනතුරට චන්දික හතුරුසිංහ මහතා කැඳවීමට වැඩි ඉඩක් ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ නමුත් දකුණු අප්‍රිකානු ජාතික ග්‍රැහැම් ෆෝඩ් මහතාගේ නමද ඒ සඳහා යෝජනා වී තිබෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ක්‍රිකට් ආයතනයට සම්බන්ධ උසස් නිලධාරියෙක් පවසා සිටියේ,හතුරුසිංහ මහතා සමග මේ වනවිට සාකච්ඡා කර ඇති බවයි.
ඊට අමතරව කලක් ශ්‍රී ලංකාවේ ජාතික පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රැහැම් ෆෝඩ් මහතා හා තවත් කිහිප දෙනෙකුගේ නම්ද නිර්දේශ වී ඇතැයි හෙතෙම සඳහන් කර සිටියේය.
හතුරුසිංහ මහතා මේ වනවිට බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර, ෆෝඩ් මහතා එංගලන්ත සරේ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
කෙසේ නමුත් ජාතික පුහුණුකරු තෝරාගැනීම සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් ගෙන නොමැති අතර, මේ සම්බන්ධ තවදුරටත් සාකච්ඡාවක් අද (07දා) ප.ව. 5.00 ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට නියමිතව ඇත.
ක්‍රිකට් ආයතනයට සම්බන්ධ ප්‍රබලයන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී ජාතික පුහුණුකරු ලෙස තෝරාගන්නා තැනැත්තාගේ නම යෝජනා වීමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වේ.
කෙසේ නමුත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ සිදුකිරීමට නියමිත තරග සංචාරයට පෙරාතුව පුහුණුකරුවෙකු තෝරාගැනීමට නොහැකි වුවහොත් මෙරට පුහුණුකරුවෙකු තාවකාලික පදනමක් යටතේ බඳවාගන්නා බව ඉහත සඳහන් කළ උසස් නිලධාරීයා පවසා සිටියේය.
පසුගිය 2014 වසරේ ඔක්තෝබර් මසදී ස්ථිර වශයෙන් ප්‍රධාන පුහුණුකරු ලෙස තේරීපත්වූ මාවන් අතපත්තු මහතා පසුගිය බ්‍රහස්පතින්දා (03දා) සිය තනතුරින් ඉල්ලා අස්විය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.