FAST NEWS

24×7 Around the Globe

දිල්ලියේ කාන්තාවන්ට නොමිලයේ පොදු ප්‍රවාහන සේවා සදහා අවස්ථාව

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ දිල්ලි පාලන ප්‍රදේශය තුළ කාන්තාවන්ට නොමිලේ පොදු ප්‍රවාහන සේවාවන්හි ගමන් කිරීමට අවස්ථාව සැලසීමට ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්රිවාල් තීරණය කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

බස් රථවල සහ මෙට්‍රෝ දුම්රියවල නොමිලේ ගමන් කිරීමට අවස්ථාව සැලසීමෙන් දිල්ලි නගරයේ කාන්තාවන්ගේ ආරක්ෂාව වර්ධනය වනු ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ.

කෙසේ වෙතත්, එම තීරණයට දිල්ලි වැසියන්ගෙන් සාර්ථක ප්‍රතිචාරයක් ලැබී නැතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙයි.

දිල්ලි නගරයේ පිහිටි ඉන්දීය තාක්ෂණ ආයතනයේ සේවය කරන ප්‍රවාහන විශේෂඥයෙකු වන දිනේෂ් මෝහන් බීබීසී පුවත් සේවයට පැවසුවේ, නොමිලේ පොදු ප්‍රවාහන සේවා සැපයීමෙන් ගැටලුවට විසඳුමක් නොලැබෙන බවයි.

ඇතැම් පිරිස් චෝදනා කරන්නේ, මෙය කෙජ්රිවාල්ගේ පූර්ව මැතිවරණ උපක්‍රමයක් බවයි. දිල්ලි පාලන ප්‍රදේශයේ මැතිවරණය ලබන වසරේදී පැවැත්වීමට නියමිතව ඇත.