(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නැවතත් බලයට පත්කරමින් පසුගියදා අවසන් වූ මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා කාන්තාවෝ 78 දෙනෙකේ තේරී පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙය ඉන්දීය මැතිවරණ ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය බවට පත්ව තිබේ.
මන්ත්‍රීවරුන් 542 කින් සමන්විත ඉන්දීය පාර්ලිමේන්තුවට මෙවර තේරීපත්වූවන්ගෙන් 39 % ක් පූර්ණකාලීනව දේශපාලනයේ නිරත වන්නන් වන අතර 38 % ක් ගොවීන්ය.









