(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යධූරයත් , නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍යධූරයත් එක්සත් ජාතික පක්ෂයට ලබාදීමට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා සමඟ පසුගිය (03) වැනිදා රාත්‍රී ජනාධිපති කාර්යාලයේදි පැවැති විශේෂ හමුවේදී, එකඟතාව පළකර ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
ජනමාධ්‍ය කැබිනට් ඇමැතිධූරය සහ නීතිය හා සාමය රාජ්‍ය අමාත්‍ය ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබාදීම තමාට ගැටලුවක් නොවන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බවද පැවසේ.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවැති විශේෂ සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාද සහභාගි වි තිබේ.









