(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරඟාවලියේ යටතේ 07 වැනි තරගය ලෙස ඊයේ (04) පැවති ඇෆ්ගනිස්තාන ශ්රී ලංකා තරඟයේදි ලකුණු 35 ක ජයක් වාර්තා කිරිමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්තාන අරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 36.5 කදී සියලු දෙනා දැවි ලකුණු 201 ක් රැස්කළේය.
කෙසේ වෙතත් තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල විම හේතුවෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 41කදී ලකුණු 187ක ඉලක්කයක් හිමිවිය.
ඒ අනුව පන්දුවාර 32 යි පන්දු 04 කදි ඇෆ්ගනිස්තාන කණ්ඩායමට සියලු දෙනා දැවි ලබාගත හැකි වුයේ ලකුණු 152 ක් පමණි.








