FAST NEWS

24×7 Around the Globe

නවදිල්ලියේ දැවැන්ත කුණු කන්ද ටජ්මහල අභිබවා යන ලකුණු

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ – නවදිල්ලි අගනුවරට අයත් ගාසිපූර්හි පිහිටි දැවැන්ත කුණු කන්ද ලබන වසර වනවිට සුප්‍රකට ටජ්මහල් ගොඩනැගිල්ල අභිබවා අහසට නැගෙනු ඇතැයි විශ්වාස කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කුණු කන්ද මේ වනවිට මීටර් 65 ක උසකින් යුක්ත වන අතර , පාපන්දු ක්‍රීඩාපිටි 40ක පමණ වපසරියකින් ද යුක්ත වේ.

ලබන වසර වනවිට මීටර් 73 ක් උසැති ටාජ් මහල ද අභිබවා ඉහළට නැගෙනු ඇතැයි විශ්වාස කෙරෙයි.

1984 වසරේදී ආරම්භ කෙරුණු දිල්ලියේ ගාසිපූර් කුණුකන්ද 2002 වසර වනවිට එහි උපරිම ධාරිතාව ඉක්මවා ගිය ද තවමත් දිනපතා ඊට ටොන් 2000 ක පමණ කුණු එක්රැස් වන බව වාර්තා වෙයි.