FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්ථානයට කළ යුත්ත හා කලින් වැරදුණු තැන මහේල කියයි

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින තරඟාවලියේ පළමු තරඟය පරාජයට පත් වුවද ඇෆ්ගනිස්තානය සමග තරඟය හොඳ තරඟයක් වන බවත් එහිදී කිසිම විටෙක ඔවුන්ව සුළුවෙන් තක්සේරු කළ නොහැකි බවත් මහේල ජයවර්ධන මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

‘ඇෆ්ගනිස්තානය සමග හොඳ අවස්ථාවක් ශ‍්‍රී ලංකාවට තියේවි. ඔවුන්ව සුළුවෙන් තකන්න පුළුවන් කණ්ඩායමක් නෙමෙයි. ඔවුන් මේ දිනවල දස්කම් අතර ඉන්නවා. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් හරි විදිහට හසුරුවමින් ක‍්‍රීඩා කළ යුතුයි. ප‍්‍රතිවාදීන් දෙස බලන්න අපිට තියෙන අභියෝගය තමයි අපේ හොඳම දස්කම් අතරට එන එක. කොහොම වුණත් උපරිමය කළහොත් තරඟය ජය ගන්න අමාරු නැහැ.’

නවසීලන්තය සමග පැවැති තරඟයේදී ශ‍්‍රී ලංකාව ලකුණු 250 ක් ලබා ගත්තානම් තරඟයක් දීමට ප‍්‍රමාණවත් වන බවද මහේල පෙන්වා දී තිබේ.

‘කාඩිෆ් තණතීරුවේ කාසියේ වාසිය අහිමි වෙලා පළමුව පන්දුවට පහරදීම ලෙහෙසි නැහැ. දෙවන ඉනිමේදී එ තණතීරුව ස්ථාවර වුණා. කොහොම වුණත් අපේ ක‍්‍රීඩකයන්ගෙ මානසිකත්වයේ තිබුණෙ ලොකු පහරවල් වලට යනවද නැද්ද කියන එක. එහෙම මානසිකත්වයකින් ක‍්‍රීඩා කරන්න අමාරුයි. තණතීරුවෙන් සහයක් නැති නිසා. ශ‍්‍රී ලංකාවට වුණේ පළමු ඕවර 20 දී කඩුලූ අහිමි කර ගැනීමයි.’’

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර තරඟය අද (04) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 03 ට ආරම්භ විමට නියමීතය.