(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය ගුවන් හමුදාවට අයත් ඒ.එන්. 32 වර්ගයේ ගුවන් යානයක් පුද්ගලයන් 13 දෙනෙකු සමඟ එරට ඊසානදිග ප්‍රදේශයේ චීන දේශසීමාව ආසන්නයේදී අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.
ඇසැම් ප්‍රාන්තයේ ජොර්හට් නුවරින් අරුනාචල් ප්‍රදේශය වෙත මෙම යානය ගමන් අරඹා ඇත.
ඊයේ පස්වරු 1. 00 ට පමණ පාලක මැදිරි සමඟ පැවති සම්බන්ධතා බිද වැටී ඇති අතර , එහි කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු සහ මගීන් 5 දෙනෙකු සිටි බව බලධාරීන් ප්‍රකාශ කළේය.
අතුරුදන් වූ යානය සොයා ප්‍රහාරක ජෙට් යානාවක් ද යොදා ගනිමින් මෙහෙයුමක් ආරම්භ තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.









