FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්ථානය සමඟ අද (04) තරඟයට එන ශ්‍රී ලංකා 11 මෙන්න

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින තරඟාවලිය යටතේ 07 වැනි තරගය ලෙස ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟය අද (04) කාඩිෆ්හිදි ආරම්භ විමට නියමීතය.

කෙසේ වෙතත් අද (04) තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩයමේ එක් වෙනස්කමක් පමණක් සිදු වනු ඇති බව කණ්ඩායම් ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන වෙනුවට නුවන් ප්‍රදීප් කැඳවන බව පැවසේ.

ශ්‍රී ලංකා කණ්ඩායම (ක්‍රීඩා කළ හැකි): 1 දිමුත් කරුණාරත්න , 2 ළහිරු තිරිමාන්න, 3 කුසල් පෙරේරා , 4 කුසල් මෙන්ඩිස්, 5 ඇන්ජලෝ මැතිව්ස්, 6 ධනංජය ද සිල්වා, 7 තිසර පෙරේරා, 8 ජීවන් මෙන්ඩිස්, 9 ඉසුරු උදාන/නුවන් ප්‍රදීප්, 10 සුරංග ලක්මාල්, 11 ලසිත් මාලිංග