FAST NEWS

24×7 Around the Globe

ඇමති රාජීතට එරෙහි විශ්වාසභංගයට කරුණූ දෙකයි

 

(ෆාස්ට්ගොසිප් – කොළඹ) – සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංගය ලබන සතියේ කථානායක කරු ජයසූරිය මහතාට භාරදීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්ධනා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (03) මාධ්‍ය වෙත සඳහන් කළේය.

ඒ අනුව අදාළ විශ්වාසභංගය ප්‍රධාන චෝදනා දෙකක් යටතේ මෙ වනවිට සකස් කරමින් පවතින බවත් හෙතෙම පැවසීය.

“සිසෙරියන් සැත්කම සිදුකර දරු උපත් නැති කරපු කුරුණෑගල වෛද්‍යවරයා ආරක්ෂා කිරීම ඉතාමත්ම නරක ආකාරයේ මැදිහත්වීමක් සිදු වෙලා තියෙන බවට වාර්තා වනවා. ඒ වගේම සයිටම් ආයතනය රජයට පවරා නොගෙන මිලියන ගණනාවක් ඒ වෙනුවෙන් වැය කිරීම් මහජන මුදල් වසරක් පාසා කාබාසිනියා කිරීම මේ කරුණු යටතේ තමයි ලබන සතිය විශ්වාසභංගය භාර දීමට තීරණය කර තියෙන්නේ”