FAST NEWS

24×7 Around the Globe

පොලිස්පතිගෙන් ජනපතිට චෝදනාවක්

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – පොලිස්පති ධුරයෙන් අනිවාර්ය නිවාඩු යැවූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට නොහැකිවීම සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට චෝදනා එල්ල කර ඇති බව වාර්තා වේ.

ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම පිටු 20කින් සමන්විත බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ බුද්ධි අංශ හා ආරක්ෂක අංශ අතර සන්නිවේදනය බිඳ වැටී ඇති බව පෙත්සමේ සඳහන් කරුණු උපුටා දක්වමින් ඒ.එෆ්.පී. පුවත්සේවය සඳහන් කර තිබේ.

ඉස්ලාම් ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් තමන් කරගෙන ගිය පරීක්ෂණ නවත්වන ලෙස රාජ්‍ය බුද්ධි සේවය තමන්ට අණකළ බවද ඔහු සිය පෙත්සමෙන් වැඩි දුරටත් පෙන්වා දී ඇති බව පැවසේ.

එසේම රාජ්‍ය බුද්ධි සේවාව ලැබී තිබුණු තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය බරපතල ලෙස අවධානය යොමුකර නොමැති බවත් ඔහු සිය පෙත්සම මගින් සඳහන් කර ඇති බවද වැඩි දුරටත් පැවසේ.