(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ලන්ඩන් නුවර කෙනිංග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදි අද (30) පැවති පළමු තරගයෙන් දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 104 කින් පරාජයට පත් කරමින් ජයග්‍රහණය කිරිමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවි ලකුණු 312 ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 39 යි පන්දු 05 කදි සියලු දෙනා දැවි රැස් කළේ ලකුණු 207 ක් පමණි.








