(ෆාස්ට් නිව්ස් | කොළඹ) – “විශ්ව සෞඛ්‍ය ආවරණය; කිසිවකුත් අතනොහැර” යන තේමාව යටතේ පැවැත්වූ 72 වන ලෝක සෞඛ්‍ය සමුළුව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී නිමාවට පත්වුණි.
ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් සාමාජික රටවල් එහිදී එකඟත්වයට පැමිණ ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වය දරණ රටවල නියෝජිතයන් ඊට එක්වී සිටියේය.
දින නවයක් පුරා පැවති සමුළුවේදී ලොව සෑම රටකම ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළ නැංවීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.









