FAST NEWS

24×7 Around the Globe

කළ යුත්ත හා ලෝක කුසලාන ඉලක්කය ගැන මැතිව්ස් කියයි

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) –  එංගලන්තයේ ස්වභාවය දන්නා නමුත් අභියෝගය ඇත්තේ පීඩනය කළමනාකරණය කර ගැනීම බව ශ‍්‍රී ලංකා හිටපු කි‍්‍රකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර සිය ඉලක්කය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සඳහන් කර තිබේ.

‘කණ්ඩායමේ ගොඩක් අය එංගලන්තයේ ක‍්‍රීඩා කරලා එහි තත්ත්වය හොඳින් දන්නවා. එහෙම වුණත් ලොකුම අභියෝගය තියෙන්නෙ පීඩනය කළමනාකරණය කර ගැනීමයි.’

‘‘මේ වගේ ලොකු තරගාවලියකදී නිදහසේ සෙල්ලම් කරන්න වෙනවා. නිදහසේ සෙල්ලම් කරන එක තමයි හොඳම දේ වෙන්නෙ. මේක ලෝක කුසලානයක්. දිනන්න නම් අපිට හොඳට සෙල්ලම් කරන්න වෙනවා. අභියෝග භාර අරගෙන පීඩනය පාලනය කරගන්න අවශ්‍යයි. අනවශ්‍ය බර දාගන්නෙ නැතිව අභියෝගය යනු දක්ෂතාව දැක්වීමක් ලෙස දකින්න ඕන. මේක රට වෙනුවෙන් යමක් කරන්න ලැබෙන අවස්ථාවක් විදිහටයි දකින්න ඕනේ.’’

‘‘මගේ ඉලක්කය හොඳින් සෙල්ලම් කරමින් දිගටම ඒ ස්ථාවරත්වය පවත්වා ගැනීම. මම මගේ උපරිමය කරනවා වගේම මා සතු අත්දැකීම් අනිත් අයටත් ලබාදෙනවා. එකෙන් එයාලට ප‍්‍රයෝජනයක් ලැබේවි.’