(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 වර්ෂය සඳහා අනුමත රාජ්‍ය ණය ගැනීම් සීමාව තුළ ක්‍රියාකරමින් ජාත්‍යන්තර වෙළෙඳපොළෙ තත්ත්වයන් ද සැලකිල්ලට ගනිමින් ඇමරිකානු ඩොලර් මිලියන 1,500ක් දක්වා අරමුදල්, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම මඟින් සපයා ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.







